සූරා 6 · ජුස් 8

Al-An'am · 6:114

أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنْزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِنْ رَبِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

අල්ලාහ්ගෙන් තොර ව විසදුමක් මා සෙවිය යුතුද? නුඹලා වෙත පැහැදිලි කරන්නක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහුය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමුද සැබැවින්ම මෙය සත්‍යයෙන් යුතු ව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් දෑ නමදින ඔහුට ආදේශ තබන මොවුන්හට ඔබ මෙසේ පවසනු. අප අතර හා ඔබ අතර අල්ලාහ් නොවන තීරකයකු ඉදිරිපත් කිරීම බුද්ධිමත් යැයි ඔබ සිතන්නෙහිද? සෑම දෙයක් ගැනම සම්පූර්ණ කරමින් පැහැදිලි කරමින් ඔබ වෙත අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. අප විසින් තව්රාතය පිරිනැමූ යුදෙව්වන් ද අප විසින් ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් ද සත්ය මත පදනම් කරමින් සැබැවින්ම අල් කුර්ආනය ඔබ වෙත පහළ කරනු ලැබූවක් බව මැනවින් දනිති. එසේ ඔවුන් මැනවින් දන්නේ ඔවුන් දෙපිරිසගේ පුස්තක වල ඒ සඳහා වූ සාධක සඳහන් ව තිබෙනු ඔවුන් දුටු බැවිණි. අප ඔබ වෙත එවූ දෑ පිළිබඳ ඔබ සැක කරන්නන් අතුරින් නොවනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න