සූරා 6 · ජුස් 8
Al-An'am · 6:113
وَلِتَصْغَىٰ إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُمْ مُقْتَرِفُونَ
පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ (රැවටිලි සහගත ආකර්ෂණීය වදන්) වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළි ගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද (ෂෙයිතාන් මෙසේ කළේය.)
තෆ්සීර්
(ෂෙයිතාන් මෙසේ කළේ) ඇතැමෙකු විසින් ඇතැමෙකු තුළ කුතුහලයට පත් කරවන දෑ වෙත මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන හදවත් නැඹුරු වන්නටත් ඔවුන් විසින් එය පිළිගන්නටත් එය ඒ ගැන තෘප්තියට පත්වන්නටත් පාපකම් හා වැරදි උපයමින් සිටින්නන් ඒවා උපයන්නටත් වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න