සූරා 6 · ජුස් 8

Al-An'am · 6:112

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

තවද එලෙසම අපි සෑම නබි වරයකුටම මිනිස් වර්ගයාගෙන් හා ජින් වර්ගයා‍ගෙන් ෂෙයිතා නුන් (නපුරු බලවේගයන්) සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා ලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති සිතුවේ නම් ඔවුහු මෙය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතන (අසත්‍ය) දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න