සූරා 6 · ජුස් 8

Al-An'am · 6:111

۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

තවද අප ඔවුන් වෙත මලක් වරුන් පහළ කළ ද මළවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.

තෆ්සීර්

ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න