සූරා 6 · ජුස් 7

Al-An'am · 6:110

وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නොකර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ටීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.

තෆ්සීර්

මුල් වතාවෙහිම ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් හා අල් කුර්ආනය විශ්වාස කිරීම අතර වැළැක්වූවාක් මෙන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෘෂ්ටීන් අතර හා සත්යය වෙත මග ලැබීම අතර වළක්වාලමින් අපි ඒවා පෙරළා දමන්නෙමු. ඔවුන්ගේ මුළාවෙහි හා තම පරමාධිපති සම්බන්ධයෙන් ව්යාකූලත්වයේ තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න