සූරා 6 · ජුස් 7

Al-An'am · 6:104

قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ

නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටමය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි (යැයි නබිවරය! පවසනු.)

තෆ්සීර්

අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔබ වෙත පැමිණ ඇත. කවරෙකු එය සාධාරණ යැයි සලකා එයට අනුකූල ව කටයුතු කරන්නේද ඔහු වෙත යොමු වන්නට එය ප්රයෝජනවත් වනු ඇත. ඒ ගැන අන්ධ ව කටයුතු කර නොසලකා හැර එයට අනුකූල ව කටයුතු නොකරන්නේ නම් එය කවර දෙයක් අරමුණු කර ගත්තේද එයට හානි වනු ඇත. තවද මම ඔබ ගැන නිරීක්ෂා කරන්නෙකු හෝ ඔබේ ක්රියාවන් සටහන් කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ දූතයකු පමණි. ඔබලා නිරීක්ෂණය කරනුයේ ඔහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න