සූරා 6 · ජුස් 7

Al-An'am · 6:105

وَكَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ

නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පවසනු පිණිස ද එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස ද මෙම වදන් අපි මෙලෙස විස්තර කරන්නෙමු.

තෆ්සීර්

අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන සාධක හා සාක්ෂි විවිධ අයුරින් පෙන්වා දුන්නාක් මෙන්ම පොරොන්දු, ප්රතිඥා සහ උපදෙස් වලදී විවිධ සාධක ද පෙන්වා දුනිමු. දෙවියන්ට ආදේශ තැබූවෝ මෙය දේව පණිවිඩයක් නොව සැබැවින්ම ඔබට පෙර සිටි ආගම් ලත් ජනයාගෙන් ඔබ ඉගෙන ගත් දෑ යැයි පවසති. සත්ය පිළිගෙන එය පිළිපැද්දා වූ මුහම්මද්ගේ සමූහයා අතරින් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට මෙම පාඨ නානා ප්රකාරයෙන් පෙන්වා දෙමින් ජනයින්ට සත්යය පැහැදිලි කරන්නෙමු. සත්යය පිළිගෙන එය අනුගමනය කරන්නන් ඔවුන්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න