සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:5

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ

නියත වශයෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය) ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන්ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝය. තවද සැබැවින්ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.

තෆ්සීර්

අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නන් වනාහි, පෙර සමූහයින් අතරින් ඔහුට විරුද්ධ ව කටයුතු කළ වුන් අවමානයට හා අපහාසයට පත් වූ අයුරින්ම ඔවුන් ද අවමානයට හා අපාහසයට පත්වනු ඇත. සැබැවින්ම අපි පැහැදිලි සංඥාවන් පහළ කර ඇත්තෙමු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මෙන්ම ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන්හට නින්දා සහගත දඬුවමක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න