සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:6

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.

තෆ්සීර්

අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි අවදි කරන දිනයෙහි ඔවුන් අතරින් කිසිවෙකුට කිසිදු අසාධාරණයක් ඔහු සිදු නොකරයි. මෙලොවෙහි ඔවුන් සිදු කළ අශීලාචාර ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටියි. අල්ලාහ් එය ඔවුන් සඳහා සටහන් කර ඇත. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට අතපසු වන්නේ නැත. නමුත් ඔවුහු එය අමතක කළෝය. සුළු හෝ විශාල කිසිදු දෙයක් අත් නොහැර සටහන් කර, ඇති ඔවුන්ගේ වාර්තාවන්හි ලියනු ලැබ තිබීම ඔවුහු දකිති. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න