සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:4

فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۖ فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නොලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ව ඇත. එයට ඔහු ශක්තිය නොදැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතු ව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව නුඹලා විශ්වාස කරනු පිණිසය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. තවද ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.

තෆ්සීර්

නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න