සූරා 58 · ජුස් 28
Al-Mujadila · 58:3
وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
තම බිරියන්ට (ඔවුන්ගේ පිටවල් තම මව්වරුන්ගේ පිටවල් වලට සමාන කොට) ළිහාර් කරමින් (අඹුසැමි ඇසුරෙන් වෙන් ව සිට) පසු ව, ඔවුන් පැවසූ දෑ වෙත නැවත යොමු වන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතු ව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධ ව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවාය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
මෙම බරපතල ප්රකාශය පවසන්නන් වනාහි, ඔවුන් අතරින් කවරෙකු ළිහාර් ප්රකාශ කළේද නැවතත් ඔවුන් සමග අඹු සැමි ඇසුර අපේක්ෂා කරති. එවිට ඔවුන් ඔවුන් සමග සංවාසයේ යෙදීමට පෙර ප්රතිකර්මයක් වශයෙන් වහලියක් නිදහස් කළ යුතුය. සඳහන් කරනු ලැබූ මෙම නීතිය නුඹලාට නියෝග කරනු ලැබ ඇත්තේ ළිහාර් ප්රකාශයෙන් නුඹලාව වැළැක්වීමක් වශයෙනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න