සූරා 58 · ජුස් 28
Al-Mujadila · 58:2
الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
නුඹලා අතුරින් තම බිරියන්ට (ඔවුන්ගේ පිටවල් තම මව්වරුන්ගේ පිටවල් වලට සමාන කොට) ළිහාර් ප්රකාශ කරන්නෝ (අඹුසැමි ඇසුරෙන් වෙන් ව සිටින්නෝ) නියත වශයෙන්ම ඔවුන් මොවුන්ගේ මව්වරුන් නොවෙති. මොවුන්ගේ මව්වරු මොවුන් ප්රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන්ම මොවුහු පිළිකුල් සහගත ප්රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය. අති ක්ෂමාශීලීය.
තෆ්සීර්
ජනයා අතරින් කිසිවෙකු තම බිරියට ‘ඔබ මට මාගේ මවගේ පිටට සමානය’ යැයි පවසමින් ‘ළිහාර්’ (අඹු සැමි ඇසුරෙන් ඈත් වන බවට) පවසා සිටන්නන් වනාහි, ඔවුන්ගේ එම ප්රකාශයේ ඔවුන් බොරු පවසා ඇත. ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන් මෙන් නැත. සැබැවින්ම ඔවුන්ගේ මව්වරුන් ඔවුන් බිහිකළ අය වෙති. සැබැවින්ම ඔවුන් එම ප්රකාශය පවසන විට ප්රකාශ කරන ඇත්තේ බරපතල ප්රකාශයක් මෙන්ම අසත්යය ප්රකාශයකි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. එහෙයින් ඔවුන් පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ප්රතිකර්මයක් ඔහු ඔවුනට ආගමානුගත කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න