සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:1

قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමග වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින්ම අල්ලාහ් සවන් දුන්නේය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

(කව්ලා බින්ත් සඃලබා නම්) කාත්තාව ඇයගේ ස්වාමියා (වූ අවුස් ඉබ්නු අස්සාමිත්) පිළිබඳ විෂයයෙහි නුඹ සමග ඇය කළ වාදය ඇයගෙන් හෙළි වූ කල්හි අල්ලාහ් ඇයගේ ප්රකාශයට සවන් දුන්නේය. ඇයගේ සැමියා ඇයට කළ දෑ ගැන ඇය අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියාය. අල්ලාහ් නුඹලා දෙදෙනාගේ වාදයට සවන් දුන්නේය. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් දෙස බලා සිටින්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න