සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:29
لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِنْ فَضْلِ اللَّهِ ۙ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
අල්ලාහ්ගේ අනුග්රහයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන්ම භාග්යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිසය. තවද අල්ලාහ් අතිමහත් භාග්යය සම්පන්නය.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! අප නුඹලාට සූදානම් කර ඇති දෙගුණයකින් යුත් කුසල් අතරින් අතිමහත් භාග්යයන් පිළිබඳ සැබැවින්ම අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. එය නුඹට පෙර ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා අල්ලාහ් පිරිනැමූ කිසියම් භාග්යයක් තමන් අභිමත කරන විට එය පිරිනැමීමට හෝ තමන් අභිමත කරන විට එය වැළැක්වීමට හෝ තමන්ට හැකියාවක් නැති බව ඔවුන් දැන ගනු පිණිසය. එමෙන්ම සැබැවින්ම සියලු භාග්යයන් අල්ලාහ් සතු බවත් ඔහු අභිමත කරන ගැත්තන් හට එය පිරිනමන බවත් අල්ලාහ් තමන් අභිමත කරන අයට සුවේශේෂී භාග්ය පිරිනමන මහා භාග්ය දානය කරන්නා බවත් ඔවුන් දැනගනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න