සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ وَيَجْعَلْ لَكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමගින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනු ව කටයුතු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. ඔහුගේ දූතයා ද විශ්වාස කරනු. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කළ බැවින් ද, එතුමාණන්ට පෙර පැමිණි දූතවරුන් විශ්වාස කළ බැවින් ද, කුසල් හා ප්රතිඵල දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. මෙලොව ජීවිතයේ යහමග ලබන්නටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඍජු මාර්ගය වෙත එළිය ලබන්නටත් ඔහු නුඹලාට ආලෝකයක් ඇති කරයි. නුඹලාගේ පාපකම්වලට ඔහු සමාව දී ඒවා සගවනු ඇත. එමගින් අල්ලාහ් නුඹලා ව ග්රහණය කරන්නේ නැත. තවද අල්ලාහ් තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න