සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:27

ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِمْ بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنْجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

පසු ව අපි ඔවුන්ගේ පිය සටහන් අනුගමනය කරවමින් අපගේ තවත් දූතවරුන් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුගමනය කරන්නට සැලැස්වූයෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහු ව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු (කිතුනු) ශ්‍රමණ වෘත්තියට පත්වීම අලුතින් ඇති කර ගත්තෝය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය (පැවිදිකම) නියම නොකළෙමු. එහෙයින් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් එය පිළිනොපැද්දෝය. එහෙයින් ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතුරින් බහුතරයක් දෙනා පාපතරයෝය.

තෆ්සීර්

පසුව තම සමූහයාට සත්ය පැහැදිලි කර දෙනු පිණිස අපි අපගේ දූතවරුන් අනුපිළිවෙලින් යැව්වෙමු. ඒ අතර මර්යම්ගේ පුත් ඊසා ව ද යැව්වෙමු. ඔහුට ඉන්ජීලය අපි පිරිනැමුවෙමු. ඔහු ව විශ්වාස කොට අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස හා කරුණාව අපි ඇති කළෙමු. ඒ අනුව ඔවුන් එකිනෙකා අතර සෙනෙහසින් හා කරුණාවෙන් කටයුතු කරන්නන් වූහ. නමුත් ඔවුන්ගේ දහම තුළ ඉක්මවා යමින් ඔවුහු අලුත් දෑ එකතු කළෝය. ඔවුනට අල්ලාහ් අනුමත කළ විවාහය හා ඇතැම් වින්දනයන් අතහැර දැමූහ. එය අපි ඔවුන්ගෙන් නොපැතුවෙමු. දහම තුළ එවන් දෑ අලුතින් නිර්මාණය කර ගනිමින් අනිවාර්යය කර ගත්තේ ඔවුන් විසින්මය. සැබැවින්ම අපි ඉල්ලා සිටියේ අල්ලාහ්ගේ තෘප්තිය අනුගමනය කරන මෙන් පමණය. නමුත් ඔවුන් එසේ කටයුතු නො කළෝය. ඔවුන් අතර විශ්වාස කළවුන්ට ඔවුන්ගේ කුසල් අපි පිරිනැමුවෙමු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් වෙත තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න