සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:26

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ ۖ فَمِنْهُمْ مُهْتَدٍ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

තවද සැබැවින්ම අපි නූහ් හා ඉබ්‍රාහීම් (දහම් දූතයින් ලෙස) එව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුර තුළ දූත මෙහෙවර හා දේව ග්‍රන්ථය පත් කළෙමු. එවිට ඔවුන් අතුරින් මග ලබන්නන් වූහ. එමෙන්ම ඔවුන් අතුරින් බහුතරයක් දෙනා පාපතරයෝ වූහ.

තෆ්සීර්

අපි නූහ් හා ඉබ්රාහීම් (අලයිහිමස් සලාම්) යන දූතවරුන් එව්වෙමු. ඔවුන්ගේ පරම්පරාව තුළ නබිත්වය හා දිව්යමය පුස්තක පහළ කළෙමු. ඔවුන් දෙදෙනාගේ පරපුරින් ඍජු මාර්ගය වෙත මග ලැබූ ආශිර්වාදය ලද්දන් වූ අතරම ඔවුන් අතරින් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න