සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:25

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ ۖ وَأَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَنْ يَنْصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්‍යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැයි අල්ලාහ් දැන ගනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් මහා බලවත් සර්ව බලධාරියාය.

තෆ්සීර්

සැබැවින්ම අපි පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග අපගේ දූතවරුන් එව්වෙමු. ඔවුන් සමග දිව්යමය පුස්තක ද පහළ කළෙමු. ඔවුන් සමග නිර්ණායක ද පහළ කළෙමු. එය ජනයා අතර යුක්ති ගරුක ව කටයුතු කිරීම සඳහාය. තවද අපි ඉතා ශක්තිමත් භාවයෙන් යුත් යකඩ ද පහළ කළෙමු. එමගින් ආයුධ තනනු ලැබේ. එමෙන්ම එහි මිනිසාගේ නිර්මාණයන් හා ඒවා වාත්තු කිරීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන දෑද ඇත. තවද අල්ලාහ් තම ගැත්තන් අතර ගුප්තව සිටිය දී, ඔහුට උදව් කරන්නන් කවුරුන් දැයි ගැත්තන්ගෙන් හෙළිවීම දැන ගැනීම සඳහාය. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. ශක්තිවන්තය. කිසිවෙකුට ඔහු පරාජය කළ නොහැක. කිසිවක් ඔහුට නොහැකි නොවන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න