සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:24
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ ۗ وَمَنْ يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
ඔවුහු වනාහි මසුරුකම් පාමින් ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්යතාවෙන් තොරය, ප්රශංසාලාභීය (යැයි දැනගනු.)
තෆ්සීර්
වියදම් කිරීමට අනිවාර්යය කටයුතු සඳහා වියදම් කිරීමෙන් මසුරු වී, මසුරුකම පිළිබඳ වෙනත් අයටද නියෝග කරන්නන් වනාහි, ඔවුහු පරාජිතයෝ වෙති. අල්ලාහ්ට අවනත වීමෙන් කවරෙකු හැරෙන්නේ ද, ඔහු අල්ලාහ්ට කිසිදු ආකාරයකින් හානියක් ගෙන දෙන්නේ නැත. එසේ හානිකර ගනුයේ ඔහුටමය. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගැත්තන්ට යටත් වීමට කිසිදු අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හිම ඔහු ප්රශංසනීයය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න