සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:9
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَحِيمٌ
ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරන්නේය. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය.
තෆ්සීර්
ඔහුගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැහැදිළි පාඨ පහළ කරනුයේ ඔහුය. එය දේව ප්රතික්ෂේපයේ හා අඥානකමේ අඳුරෙන් දේව විශ්වාසය හා දැනුමේ ආලෝකය වෙත නුඹලාව බැහැර කරනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් මඟපෙන්වන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු සේ නුඹලා වෙත එවූ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණික හා දායලු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න