සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:8

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

නුඹලා විශ්වාස කරන්නවුන් නම්, නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලා ව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී හා නුඹලාගේ ප්‍රතිඥාව ඔහු ගෙන තිබිය දී, නුඹලා අල්ලාහ් ව විශ්වාස නොකිරීමට නුඹලාට කුමක් වීද?

තෆ්සීර්

නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කවර කරුණක් ද? නුඹලාගේ පරමාධිපතියාණන්ව නුඹලා විශ්වාස කරනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙන් දූතයාණන් අල්ලාහ් වෙතට නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ පියවරුන්ගෙන් නුඹලාව පිට කරන අවස්ථාවේ නුඹලා ඔහුව විශ්වාස කරන මෙන් නුඹලාගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගෙන ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න