සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:7

آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفِينَ فِيهِ ۖ فَالَّذِينَ آمَنُوا مِنْكُمْ وَأَنْفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ

අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයයක නුඹලා ව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතුරින් විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත.

තෆ්සීර්

නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරනු. අල්ලාහ් නුඹලාව නියෝජිතයින් බවට පත් කළ ධනයෙන් නුඹලා වියදම් කරනු. නුඹලාට ආගමානුගත කළ පරිදි එහි නුඹලා ගනුදෙනු කරනු. එහෙයින් නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට තම ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළවුන් වනාහි, ඔවුනට ඔහු අබියස අති මහත් තිළිණ ඇත. එය ස්වර්ග උයනයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න