සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:6

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

ඔහු රාත්‍රිය දහවලෙහි සංයුක්ත කරයි. තවද දහවල රාත්‍රියෙහි සංයුක්ත කරයි. තවද ඔහු හදවත් තුළ පවතින දෑ පිළිබඳ සර්ව ඥානීය.

තෆ්සීර්

දහවල මත රාත්රිය පිවිසෙන්නට ඉඩ හරියි. එවිට අඳුර පැමිණෙනු ඇත. මිනිසුන් නින්දට යනු ඇත. එමෙන්ම රාත්රිය මත දහවල පිවිසෙන්නට ඉඩ හරියි. එවිට ආලෝකය පැමිණෙනු ඇත. මිනිසුන් තම රාජකාරී කටයුතු වෙත පියනගති. තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න