සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:10
وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වීද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමිය. ජයග්රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඉන් පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
තෆ්සීර්
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කුමක් ද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ් සතුය. අහෝ දේව විශ්වාසී අයවලුනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මක්කා ජයග්රහණයට පෙර ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට ඉස්ලාමයේ ජයග්රහණය උදෙසා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සමග සටන් කළවුන් වනාහි, මක්කා ජයග්රහණයට පසු වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුන් සමඟ සමාන වන්නේ නැත. මක්කා ජයග්රහණයට පෙර වියදම් කොට අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් මක්කා ජයග්රහණයෙන් පසු ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුනට වඩා අල්ලාහ් අබියස තරාතිරමෙන් වඩාත් උසස්ය. නමුත් අල්ලාහ් ඔවුන් දෙපිරිසටම ස්වර්ගය හිමි බව ප්රතිඥා දී ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න