සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:22
مَا أَصَابَ مِنْ مُصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنْفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِنْ قَبْلِ أَنْ نَبْرَأَهَا ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා මැවීමට පෙරම ග්රන්ථයේ ලියා තිබීමෙන් මිස (ඒවා) නැත. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
තෆ්සීර්
නියගය හෝ එවැනි වෙනත් යම් ව්යසනයක් මහපොළොවෙහි මිනිසාට අත්වන්නේ නම් හෝ ඔවුන් තුළම යම් අභාග්යයක් ඔවුනට අත්වන්නේ නම් හෝ එය සියලු මැවීම් මැවීමට පෙරම සුරක්ෂිත ඵලකයේ සඳහන්ව තිබුණාක් මිස නැත. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න