සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:21
سَابِقُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත හා ස්වර්ගය වෙත නුඹලා පෙරටුගාමී වනු. එහි ප්රමාණය අහසෙහි හා මහ පොළොවෙහි ප්රමාණය මෙනි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට සූදානම් කරනු ලැබ ඇත. එය අල්ලාහ්ගේ අනුග්රහය වේ. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් අනුග්රහයෙන් යුක්තය.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ පාපකම් සඳහා සමාව ලැබිය හැකි තව්බාව හා ඔහු වෙත සමීප කරවන වෙනත් දැහැමි ක්රියාවන් ඉටු කිරීමට තරග වඳිනු. එමගින් අහස හා පොළොව තරම් විශාලත්වයෙන් යුත් උයනක් නුඹලා ලබනු ඇත. එම ස්වර්ග උයන අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔහු සූදානම් කර ඇත්තේය. එම ප්රතිඵලය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනමයි. ශුද්ධවන්ත අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් සේ භාග්ය දානය කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න