සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:20
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ
නියත වශයෙන්ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂාවක් මෙනි. එය පැළෑටි හට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්‍රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේය. පසු ව එය කහ පැහැ ගැන්වී පසු ව ඉපැණැලි බවට පත් වීම නුඹ දකිනු ඇත. නමුත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන භාණ්ඩයක් මිස නැත.
තෆ්සීර්
නුඹලා දැනගනු! සැබැවින්ම මෙලොව ජීවිතය යනු ශරීර සෙල්ලම් කරන කෙළි දෙළකි. හදවත් විනෝදයට පත් වන හාස්‍යයකි. අලංකාරය ඉස්මතු කර පෙන්වන අලංකාරයකි. බලය හා වස්තුව පිළිබඳ ඔබ අතර පුරසාරම් දොඩන්නකි. අධික ධනය හා අධික දරුවන් තුළින් ඉහවහා යන්නකි. එය ගොවියා ඔහුගේ පැලෑටි දැක පුදුම කරවන වර්ෂාව මෙනි. පසුව මෙම කොළවර්ණැති පැලෑටි වේළී යනු ඇත. අහෝ නිරීක්ෂාවෙන් බලන්නනි! එය කොළපැහැ ගැන්වීමෙන් පසු කහ බවට පත් වනු නුඹ දකිනු ඇත. පසුව එය කඩා දැමිය හැකි කැබැලි බවට අල්ලාහ් පත් කරයි. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්හට මතුලොවෙහි දැඩි දඬුවමක් ඇත. අල්ලාහ්ගේ විශ්වාසී ගැත්තන්ගේ පාපකම් වලට ඔහුගෙන් වූ සමාව ඇත. එමෙන්ම තෘප්තිය ද ඇත. මෙලොව ජීවිතය යනු පැවැත්මක් නැති ඉතා පහත් බුක්ති විඳීමක් මිස නැත. මතුලොව සුවපහසුකම්වලට වඩා කවරෙකු මෙලොවෙහි පහත් වින්දනය තෝරා ගත්තේද ඔහු ඉතා නින්දිත අලාභවන්තයෙකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න