සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:19
وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَٰئِكَ هُمُ الصِّدِّيقُونَ ۖ وَالشُّهَدَاءُ عِنْدَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
තවද අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි ඔවුහුමය සත්යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස සාක්ෂි කරුවෝ. ඔවුන්ගේ කුලිය හා ඔවුන්ගේ ආලෝකය ඔවුනට ඇත. තවද ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි ඔවුහුමය නිරා වාසීහු.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් ද ඔවුන් අතර කිසිදු වෙනසකින් තොර ව විශ්වාස කළවුන් වනාහි, ඔවුහුමය සත්යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස දිවි පිදූවෝ. ඔවුන් වෙනුවෙන් සූදානම් කරන ලද ගෞරවනීය ප්රතිඵල ඔවුනට සතුය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඉදිරියේ හා ඔවුනට දකුණතින් දිව යන ඔවුන්ගේ ආලෝකය ද ඔවුනට සතුය. අල්ලාහ්ව හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරයෝ සගයෝ වන්නේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු එහි පිවිස සදා වෙසෙති. ඉන් බැහැර නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න