සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:18

إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

නියත වශයෙන්ම දන් දෙන්නන් හා දන් දෙන්නියන් ද අලංකාර ණයක් ලෙසින් අල්ලාහ්ට ණය දුන් අය ද වනාහි ඔවුනට එය ගුණ කර දෙනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්‍රතිඵල ඇත.

තෆ්සීර්

සැබැවින්ම තම ධනයෙන් කොටසක් දන් දෙන පිරිමින් හා තම ධනයෙන් කොටසක් දන් දෙන කාන්තාවන් වනාහි, ඔවුන් කිසිදු කියා පෑමක් හෝ හිංසාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් තොර ව තම ආත්ම පිරිසිදු භාවයෙන් යුතුව දන් දෙති. ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එක් කුසලක් ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය ගුණය දක්වාත්, ඊටත් වඩා වැඩි ගුණයක් දක්වාත් ගුණ කර දෙනු ලැබේ. ඒ සමගම අල්ලාහ් අබියස ගෞරවණීය තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න