සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:17

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

මහපොළොව මිය ගිය පසු ව නියත වශයෙන්ම අල්ලාහ් එය ප්‍රාණවත් කරන බව නුඹලා දැන ගනු. නුඹලා වටහා ගත හැකි වනු පිණිස නුඹලාට එම සාධක සැබැවින්ම අපි පැහැදිලි කළෙමු.

තෆ්සීර්

මහපොළොව වියළී ගිය පසු ව, පැලෑටි හටගන්වා එය ප්රාණවත් කරන්නේ අල්ලාහ් බව නුඹලා දැනගනු. අහෝ ජනයිනි! නුඹලා වටහා ගනු පිණිස අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයභාවය පෙන්වා දෙන සාක්ෂි හා සාධක සැබැවින්ම අපි නුඹලාට පැහැදිළි කළෙමු. එවිට මහපොළොව මිය ගිය පසු ව යළි ප්රාණවත් කරන්නා, නුඹලා මිය ගිය පසු නැවත නැගිටුවීමට ශක්තිය ඇත්තා බවත් නුඹලාගේ හදවත් දරුණු වූ පසු, ඒවා සැහැල්ලු කිරීමට ශක්තිය ඇත්තා බවත් නුඹලා වටහා ගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න