සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:16

۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

අල්ලාහ් මෙනෙහි කිරීම හේතුවෙන් ද සත්‍යයෙන් පහළ වූ දෑ (මෙනෙහි කිරීම) හේතුවෙන් ද ඔවුන්ගේ හදවත් බියට පත් ව තැති ගන්නා මොහොත නොපැමිණියේ ද? මීට පෙර දේව ග්‍රන්ථ පිරිනමනු ලැබූ අය මෙන් ඔවුහු නොවිය යුතුය. ඔවුන් වෙත කාලය දිගු ව පැවතිණි. එවිට ඔවුන්ගේ හදවත් දරුණු විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපතරයෝය.

තෆ්සීර්

ශුද්ධ වූ අල් කුර්ආනය මෙනෙහි කිරීම හේතුවෙන් ද අල් කුර්ආනනයෙහි පහළ වු ප්රතිඥා හා අවවාද හේතුවෙන් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔවුන්ගේ හදවත් තැන්පත් කරන, එය සැනසීමට පත් කරන වේලාවක් නොපැමිණියේද? ඔවුහු තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් මෙන් සිත් තුළ දැඩිභාවය ඇත්තන් මෙන් නොවෙති. එය ඔවුන් අතර හා එවනු ලැබූ ඔවුන්ගේ නබිවරුන් අතර දිගු කාලයක් ගෙවී යත්ම ඒ හේතුවෙන් ඔවුන්ගේ හදවත් ගල් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් දුරස් වී පාපකම් වෙත බැහැර ව ගිය අය වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න