සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:15

فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنْكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا ۚ مَأْوَاكُمُ النَّارُ ۖ هِيَ مَوْلَاكُمْ ۖ وَبِئْسَ الْمَصِيرُ

එහෙයින් අද දින නුඹලාගෙන් හෝ ප්‍රතික්ෂේප කළවුන්ගෙන් හෝ කිසිදු වන්දියක් (නිදහස සඳහා) ගනු නොලැබේ. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. එය නුඹලාගේ භාරකරුය. තවද යොමු වන ස්ථානය නපුරු විය.

තෆ්සීර්

එහෙයින් අද දින අහෝ කුහකයිනි! අල්ලාහ්ගේ දඬුවම වෙනුවෙන් කිසිදු වන්දියක් නුඹලාගෙන් ගනු නොලැබේ. අල්ලාහ් ව ප්රසිද්ධියේ ප්රතික්ෂේප කළ අයගෙන් ද වන්දියක් ගනු නොලැබේ. නුඹලාගේ නවාතැන ද, දේව ප්රතික්ෂේපකයින්ගේ නවාතැන ද නිරය වේ. නුඹලාට එය වඩාත් සුදුසුය. නුඹලා ද එයට වඩාත් සුදුසුය. ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න