සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:14
يُنَادُونَهُمْ أَلَمْ نَكُنْ مَعَكُمْ ۖ قَالُوا بَلَىٰ وَلَٰكِنَّكُمْ فَتَنْتُمْ أَنْفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّىٰ جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُمْ بِاللَّهِ الْغَرُورُ
“අපි නුඹලා සමග නොසිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාටම අර්බුද ඇති කර ගත්තෙහුය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහුය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලා ව රවටා දැමීය. එමෙන්ම අල්ලාහ් සම්බන්ධයෙන් රුවටිලිකරුවෝ ද නුඹලාව රවටා දැමුවෝය.
තෆ්සීර්
කුහකයෝ දේව විශ්වාසීන් අමතා, ‘ඉස්ලාමය තුළත් අවනත වීමේදීත් අපි නුඹලා සමග නොසිටියෙම් දැ?’යි විමසා සිටියෝය. එවිට මුස්ලිම්වරුන් ඔවුනට ‘එසේය, නුඹලා අප සමග සිටියෙහුය. නමුත් නුඹලා කුහකත්වය හේතුවෙන් අර්බුධ ඇති කළෙහුය. නුඹලා එය විනාශ කළෙහුය. දේව විශ්වාසීන් පරාජය වීම නුඹලා බලාපොරොත්තු වූහ. එවිට නුඹලාගේ දේව ප්රතික්ෂේපය නුඹලා හෙළි කළහ. දේව විශ්වාසීන්ට හිමිවන අල්ලාහ්ගේ උදව්ව ගැන ද මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ගැන ද නුඹලා සැක කළෙහුය. නුඹලාට මරණය පැමිණෙන තෙක් බොරු අභිලාෂයන් නුඹලා ව රවටා දැමීය. ඒ මතම නුඹලා රැඳී සිටියෙහුය. අල්ලාහ් පිළිබඳව ෂෙයිතාන් නුඹලා රවටා දැමීය.' යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න