සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:13
يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انْظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ
එදින කුහක පිරිමින් හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අප ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි.
තෆ්සීර්
එදින කුහකයින් හා කුහක කාන්තාවන් දේව විශ්වාසීන් දෙස බලා, ‘සිරාත් පාලම තරණය කිරීමේදී අපට උදව්වන පරිදි නුඹලාගේ ආලෝකයෙන් යමක් ලබා ගත හැකැයි අපේක්ෂාවෙන් අපි නුඹලාව බලාපොරොත්තුවෙන් සිටියෙමු’ යැයි පවසා සිටිති. එවිට කුහකයින් හාස්යයට ලක් කරමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාගේ පසුපසට හැරී ගොස් එමගින් ආලෝකය පැතිය හැකි ආලෝකයක් සොයනු. එවිට ඔවුන් අතර පවුරක් යොදනු ලැබේ. එම පවුරට දොරක් ඇත. එහි අභ්යන්තරය දේව විශ්වාසීන්ට සමීපව පවතී. එහි කරුණාව ඇත. එහි මතුපිට කුහකයින්ට සමීපව පවතී. එහි දඬුවම ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න