සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:12
يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُمْ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
එදින ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද, ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේව විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් දකිනු ඇත. එදින නුඹලාගේ සුබ පැතුම “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්ය. එහි සදාතනිකයින්ය. අතිමහත් ජයග්රහණය එයමය.”
තෆ්සීර්
දේව විශ්වාසීන් හා දේව විශ්වාස කරන්නියන් ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුනට දකුණු පසින් ද පෙරට යනු දකිනු ඇත. එදින ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘අද දින නුඹලාගේ ශුභාරංචිය වනුයේ, එහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්ය. එහි නුඹලා සදා රැඳෙනු ඇත. එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ලඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයයි.’
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න