සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:4

قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِنْ قَبْلِ هَٰذَا أَوْ أَثَارَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ

අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! සත්ය ප්රතික්ෂේප කරන මෙම ආදේශ තබන්නන්ට, නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම මහපොළොවේ කවර කොටසක් මවා ඇත්තේ ද? කවර කන්දක් මවා ඇත්තේ ද? කවර ගංගාවක් මවා ඇත්තේ දැ?යි ඔවුන් ගැන මට දන්වනු. එසේ නැතහොත් අහස් මැවීමෙහි අල්ලාහ් සමග ඔවුනට යම් හවුලක් හෝ කොටසක් හෝ තිබුණේද? සැබැවින්ම නුඹලාගේ පිළිම නැමදුමට සුදුස්සන් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම් අල් කුර්ආනයට පෙර අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ ග්රන්ථයක් හෝ මුතුන්මිත්තන් අතහැර දැමූ දැනුමෙන් ඉතිරි ව ඇති දෙයක් හෝ මා වෙත නුඹලා ගෙන එනු.'

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න