සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:3
مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۚ وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنْذِرُوا مُعْرِضُونَ
සත්යයෙන් යුතුව හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නොමැව්වෙමු. තවද ප්රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන්ය.
තෆ්සීර්
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි. එමෙන්ම අල්ලාහ් පමණක් දන්නා නියමිත කාලයක් දක්වා මහපොළොවේ ඔවුනට හිමි නියෝජිතභාවය ඔවුන් ඉටු කරනු පිණිසය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගේ ග්රන්ථයෙහි කවර දෙයක් අවවාද කරනු ලැබුවේ ද එය හෙළා දකින්නෝ වෙති. ඒ ගැන ඔවුහු නොසලකා හරිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න