සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:5

وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු වැටහීමක් නැත්තෝය.

තෆ්සීර්

අල්ලාහ් හැර පිළිමයට වැදුම් පිදුම් කරන්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔහුගේ ප්රාර්ථනාවට එය පිළිතුරු දෙන්නේ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම පිළිම ඒවාට වැඳුම් පිදුම් කරන්නන්ගේ ප්රාර්තනාව නොසලකා හරී. ඊට අමතර ව ඒවා තමන්ටම පවා සෙතක් හෝ උවදුරක් හෝ කළ නොහැකිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න