සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:34
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
තවද ප්රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්යය නොවේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
තෆ්සීර්
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් දඬුවමට ලක් කිරීම සඳහා නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලා දකින මෙම දඬුවම් සැබෑවක් නොවේ ද? එසේ නැතහොත් මෙලොවෙහි නුඹලා පවසමින් සිටියාක් මෙන් එය බොරුවක් දැ?’යි විමසනු ලබති. ඔවුහු: ‘එසේය, අපගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම එය සත්යයකි’ යැයි පවසති. පසුව ඔවුනට, ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවම විඳවනු’ යැයි කියනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න