සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:35

فَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنْ نَهَارٍ ۚ بَلَاغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ

එහෙයින් දහම් දූතවරුන් අතුරින් දැඩි අධිෂ්ඨානයෙන් වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නොවනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නොවූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. පාපතර ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද?

තෆ්සීර්

අහෝ ධර්ම දූතය! නුඹේ ජනයා නුඹව බොරු කරන විට නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා නම් ප්රධාන පෙළේ දූතවරුන් ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද ඉවසීමෙන් සිටිනු. ඔවුනට දඬුවම් කිරීමට නුඹ ඉක්මන් නොවනු. සැබැවින්ම නුඹේ සමූහයා අතරින් මතුලොව දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලබන දෑ ඔවුන් දකින දින ඔවුන්ගේ දඬුවමේ දිගුභාවය හේතුවෙන් ඔවුන් මෙලොව දහවල් කාලයේ හෝරාවක් මිස රැඳි නොසිටියාක් මෙන් පවතී. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය මිනිසුන් හා ජින්නුන් සඳහා ප්රමාණවත් දැනුම් දීමකි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවන ජනයා මිස වෙනත් කිසිවකු දඬුවමින් ඔහු විනාශ කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න