සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:33
أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ ۚ بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
තෆ්සීර්
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ආදේශකයින්, සැබැවින්ම අහස් හා මහපොළොව ද ඒවායෙහි විශාලත්වය හා පුළුල්භාවය සමග මැවීමෙන් දුර්වල නොවූ අල්ලාහ්, විනිශ්චය හා ප්රතිඵල සඳහා මියගියවුනට ප්රාණය දීමට බලය ඇත්තා බව නොදුටුවෝද? එසේය, සැබැවින්ම ඔවුනට ජීවය දෙන්නට ඔහු බලය ඇත්තාය. සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ හි සර්වබලධාරීය. මළවුන්ට යළි ජීවය ලබාදෙන්නට නොහැකි කෙනෙකු නොවන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න