සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:32

وَمَنْ لَا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِنْ دُونِهِ أَوْلِيَاءُ ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ مُبِينٍ

“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නොදක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නොවේ. තවද ඔහුගෙන් තොර ව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහිය.

තෆ්සීර්

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සත්යයෙන් යුතුව කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද ඒ සඳහා කවරෙකු ඔහුට පිළිතුරු නොදෙන්නේ ද, එවිට මහපොළොවේ කිසිවිටෙක අල්ලාහ්ගෙන් පලා යන්නට ඔහුට නොහැකි වන්නේය. දඬුවමෙන් ඔහු මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් ඔහුට නැත. සත්යයෙන් පෙරළී පැහැදිලි නොමඟෙහි පසුවන්නෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න