සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:31

يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُجِرْكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ

“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේය.

තෆ්සීර්

අපගේ ජනයිනි, මුහම්මද් කවර සත්යයක් වෙත නුඹලාව ඇරයුම් කර සිටියේද එයට නුඹලා ප්රතිචාර දක්වනු. සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයකු බව විශ්වාස කරනු. නුඹලාගේ පාපකම් වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියේ සමාව අයද සිටියි. සත්ය වෙත නුඹලාව ඇරයුම් කරන විට නුඹලා එයට ප්රතිචාර නොදක්වා, සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයෙකු බව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් ඔහු නුඹලාව මුදවා ගනියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න