සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:28

فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً ۖ بَلْ ضَلُّوا عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ

අල්ලාහ්ට අමතර ව සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නොවේ ද? එසේ නොවේ. ඔවුහු ඔවුන්ගෙන් මුළා වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුවය. තවද ඔවුන් ගොතමින් සිටි දෑය.

තෆ්සීර්

අල්ලාහ් හැර දමා නැමදුමෙන් හා සතුන් කැප කිරීමෙන් සමීප වන්නට බලන; ඒවා දෙවිවරුන් ලෙස ගත් ඔවුන්ගේ පිළිම ඔවුනට උදව් කළ යුතු නොවේ ද? ඒවා කිසිවිටෙක ඔවුනට උදව් කර නැත. ඉතා අත්යවශ්ය අවස්ථාවක ඒවා ඔවුන්ගෙන් සැඟවී ගොස් ඇත. සැබැවින්ම මෙම පිළිම ඔවුනට ප්රයෝජනවත් වන බවත් අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වන බවත් ඔවුන් විසින්ම ඇති කරගත් ඔවුන්ගේ ප්රබන්ධ හා ඔවුන්ගේ බොරුව (ස්ථීර) විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න