සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:27
وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُمْ مِنَ الْقُرَىٰ وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
තෆ්සීර්
අහෝ මක්කා වැසියනි! සැබැවින් අපි නුඹ අවට පිහිටි ගම්මාන විනාශ කළෙමු. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් නැවත හැරෙනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුනට විවිධ සාක්ෂි හා සාධක ඉදිරිපත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න