සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:29

وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنْصِتُوا ۖ فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَىٰ قَوْمِهِمْ مُنْذِرِينَ

අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬ ව සවන් දෙනු” යැයි ඔවුහු පැවසූහ. පසු ව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.

තෆ්සීර්

අහෝ ධර්ම දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට සවන් දෙන ජින්නුන් කණ්ඩායමක් අපි නුඹ වෙත පහළ කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එය සවන් දෙන්නට ඔවුන් සහභාගී වූ කල්හි ඇතැමෙක් ඇතැමෙකුට, ‘අප එයට සවන් දිය හැකි සේ නුඹලා නිහඬ ව සිටිනු’ යැයි පැවසූහ. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය කියවා අවසන් කළ කල්හි, ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් හැරීගොස් ඔවුන් අල් කුර්ආනය විශ්වාස නොකළේ නම්, ඔවුනට හිමිවන අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුන් ඔවුනට අවවාද කරන්නට විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න