සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:24
فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَٰذَا عَارِضٌ مُمْطِرُنَا ۚ بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهِ ۖ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ
ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නොව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
තෆ්සීර්
ඔවුන් ඉක්මන් කරමින් පැතූ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන්ගේ මිටියාවත දෙසට මුහුණලා අහස දෙසින් තාවකාලික වළාවක් සේ එය එනු දුටු ඔවුහු, ‘මෙය අපට වර්ෂාව ඇති කරන තාවකාලික වලාවකි’ යැයි පැවසුවෝය. ඔවුනට හූද් තුමා: සැබැවින්ම එය නුඹලාට වැසි ගෙන දෙන වලාවක් යැයි නුඹලා අනුමාන කරනවාක් මෙන් එම කරුණ නැත. එය නුඹලා ඉක්මන් කරන්නැයි පැතූ දඬුවමයි. එය වේදනාවෙන් පිරුණු දඬුවමේ සුළඟයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න