සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:25

تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَىٰ إِلَّا مَسَاكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නොලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. අපරාධකාරී ජනයාට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙසය.

තෆ්සීර්

විනාශ කරන මෙන් වූ අල්ලාහ්ගේ නියෝගය අනුව, එය කවර දෙයක් හරහා ගමන් ගත්තේද ඒ සියල්ල විනාශ කර දැමීය. ඔවුහු ද විනාශයට පත්වූහ. මීට පෙර ඔවුන් එහි සිටි බවට සාක්ෂි දරණ ඔවුන් පදිංචිව සිටි ඔවුන්ගේ නිවෙස් හැර වෙනත් කිසිවක් එහි දක්නට ලැබුණේ නැත. මෙම් වේදනීය ප්රතිවිපාකය මෙන් ප්රතිවිපාකයක් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරතව සිටින අපරාධකරුවන්හටත් අපි පිරිනමමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න