සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:23

قَالَ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَأُبَلِّغُكُمْ مَا أُرْسِلْتُ بِهِ وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

“නියත වශයෙන්ම එම දැනුම අල්ලාහ් අබියසය. තවද කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. නමුත් නුඹලා වටහා නොගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

"දඬුවමෙහි වේලාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. ඒ ගැන දැනුම මට නැත. සැබැවින්ම නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මා වෙත එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙන්නෙකු පමිණි. නමුත් නුඹලාට ප්රයෝජනය ඇති දෑ නුඹලා අතහැර දමා; නුඹලාට හානිය ඇති දෑ ගෙන එමින් කටයුතු කරන අඥාන සමූහයක් ලෙස මම නුඹලාව දකිමි." යැයි ඔහු පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න