සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:22
قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නම්, නුඹ සත්යවාදීන් අතුරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ඔහුගේ ජනයා ඔහුට, ‘අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප හරවන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද? සැබැවින්ම එය නුඹට සුදුසු කාර්යයක් නොවන්නේ ය. එසේනම්, නුඹ වාද කරමින් සිටින දෑහි නුඹ සත්යවාදියෙකු නම් නුඹ අපට ප්රතිඥා දෙන දඬුවම අප වෙත ගෙන එනු’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න